වියපත්ව නිවහනේ හුදකලා වනු කුමට
අද මෙන්ම හෙටද අමතක කරන්නට නොහැකි
දශක තුන හතරකට ඉහත
අප උන් අයුර
කය ඉසුඹු ලබුවමුත් සිත
ඉසිඹු ලබා නොමැත
යලිත් නොහැකිද අපට
දෑත් බැඳ එක්වන්ට ......
වියපත්ව නිවහනේ හුදකලා වනු කුමට
බලව ,එව ,කව ,බොවය දොඩන්නට
කෙනෙක් වෙද
අපගේ සිත් සතන් තුළ රඟන දහසක් මතක
හුවමාරු කරන්නට ඉඩක් අවැසිය
සබඳ .......!
අරුත්බර යමක් දී සෙත සදා මිතු කැ ලට
හුස්ම සැඟවෙන තෙක්ම හිඳිමු
ලෙන්ගතු කමට
අපට අපි මිසක වෙන කෙනකුගෙන් නැත පිහිට
අවදිවී අලුත් වෙමු නැවුම් හෙට
දවසකට ........!
[උපුටා ගැනීම -ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ ව්‍ය වස්ථාව -2018 ]