ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපේ වැඩිකිරීම
බොඳ වූ සිහිනයක් පමණක් ද ?
2009 වසරේ පමණ සිට ලංකා බැංකු විශ්‍රාමිකයන් වන අප මහත් ආසාවෙන් බලා සිටියේ විශ්‍රාම වැටුපෙ වැඩිකර ගැනීමක් ලබා ගැනීම පිණිසය .එය වෙන කිසිදෙයකටවත් නොව ,පවත්නා ජිවන තත්වයට මුහුණ දීම සඳහාය .මහා සංගමයේ හිටපු සබපති වරයෙක් වන අසෝක පෙරේරා මහතාගෙන් පසු ,පවත්නා තත්වයන් යටතේ විශ්‍රාම වැටුපේ වර්ඩකයක් ලබගැනීමට පසුකාලින නිලදරින්හට අපොහොසත්වී සැටියෙකි .
රාජ්‍ය විශ්‍රාමිකයන් හට සැම අයවෙයකින්ම සොච්චමක් හෝ විශ්‍රාම වැටුපේ වැඩිවීමක් සිදුවේ .සැම වසර දෙකකට වරක් සාමුහික ගිවිසුම මගින් වැඩකරන අයගේ වැටුප් වැඩිවීමක් සිදුවේ .එහෙත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපේ වැඩිවීමක් සිදුනොවීම අභාග්ගයකි.
ඊනියා ජිවන අංකය දැන් එන්නෙන්නම පහළ බසින් පවතී .අපගේ දැන් ලබන විශ්‍රාම වැටුපද අඩුවෙමින් පවතී .එය හරියට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ .
දැනට කරනු ලබන සකච්චවල ප්‍රතිපලය ගවූ ගණනක් දුරය.එය බොඳ වූ සිහිනයක් බවට පත් වෙමින් තිබේ .ඒ අතර අපගේ විශ්‍රාමිකයන් අපේක්ෂා බන්ගත්වයෙන් යුතුව මියැදෙමින් සිටි .
මෙලස අපහට තව දුරටත් බල සිටිය නොහැක.
කෙසේ හෝ විශ්‍රාම වැටුපෙ වර්ඩකයක් ලබා ගැනීම සඳහා පළදා යි ක්‍රම වේදයකට අවතීර්ණ විය යුතු කාලය එළඹ ඇත.
පොලි අනුපාතය අඩුවීම ,දේසපාලන වෙනස් වීම ,මහා කලමන කරුවන් වෙනස් වීම .සභාපතිවරු වෙනස් වීම වෙනි කරන පැවසීම තුලින් මෙම ප්‍රශ්නය නොවිසදෙන අන්තයකට ඇදෙමින් පවතී.
මේ සඳහා අප එකාවන්ව නැගී සිටිය යුතුය.ජන මාද්‍ය තුලින් මෙන්ම දේසපාලන නායකයන්ටද මේ පිලිබදව දැනුවත් කල යුතුයයි හඟිමි .
මෙම කරුණ පිළිබඳව ඔබ දක්වන ක්‍රියාකාරී ක්‍රම වේදයකට අපද සහයෝගය දීමට බල සිටින්නෙමු.
No comments:
Post a Comment